දෙපයේ වාරුව
නැති හින්දා
අත පෑවට
මිනිසුනේ
අසංවර
ඇස් වලින්
එපා බලන්න
මාත් නුබලාගේ
සොහොයුරියෝ වැනිම
ලේ මස් නහර
ඇතිවයි ඉපදුනේ
ඉස්සර කරුමයට
කහ ඉර මතදි
ඩිෆේන්ඩරයක්
මාව යටකොට
ඉගිලුණි
මාස ගණනක්
මැරි නොමැරි
ඉනෙන් පහළ පමණක්
පණ නැතිවෙලා
පණ කෙන්ද
පමණක් බේරුණි.
අදහස Dhar shi
0 comments:
Post a Comment