ඇත්තන්ට
පින් සිදුවෙන්න
හුග කාලේකට පස්සේ
අලුත් අවුරුදු උස්සවයක
අපි සෙල්ලම් කරා
අත්දෙක
පිටි පස්සට බැදගෙන
දුවගෙන ඇවිත් එක පෙළට
නුලෙන් කඩාගෙන
තරගෙට කනකොට
බනිස් ගෙඩිය
හනි හනිකට
දැනුනේ නැහැ
මේ ගෙවන්නේ
ජිවිතේ අවසන් හරිය බව
ඉස්සර පුන්චිම කාලේ
බක්මහ මගුල් සමරපු සතුටම
හුග කාලේකට පස්සේ
අපි හැමෝටම අද දැනුනා
Dhar shi

0 comments:
Post a Comment