දැනෙනවා තනිකම

Leave a Comment


දැනෙනවා
තනිකම මට 
හැම වේලාවේම
එත් 
නොදැනුනා වගේ
මං හිදිනවා
ඔයා මත්තේ 
මැරි මැරි 
පෙම්  කරපු මං
එකපාරටම ඔයාගෙන් 
වෙන් වුනාම
ඔයාටත් පුදුම ඇති 
එත් කමක් නෑ 
ආයේමත් එපා 
මං ගැන හිතන්න
ඔයාවත් මංවත් 
හිතපු නැති තැනකින් 
ජිවිතේ මට සරදම් කරා
මං නොකිවට 
ලගදිම දවසක 
ඔයා දැන ගන්නකොට 
මං ඔයාගෙන් හුගක් දුර ගිහින් 
ඉතින් පෙම්වත සමාවනු මැන 
නැත මං නුබට
සිහිනෙකින් වත් වරදක් කලේ 
තවමත් නුබ නමට 
පපුතුරේ සෙනෙහස
නොමදව තියේ
එත් ජිවිතේ ඉස්තිර නැති නිසා 
නුබෙන් සමුගෙන 
නුබට නොකියම 
යන්න ගියේ..........................

ම හ ර ග ම ............
දැන්  මම ඉන්නේ 
ජිවිතේ අනිතිම තත්පරේ 
ආයේමත් කවදා දකින්නද 
නුබව මං ,,
මෙහෙම තමයි 
ජිවිතේ මගේ  
විසදුනේ 
ආයේමත් නුබ හමුවුනු 
මුල් තැනට යා හැකිනම් 
වෙනස් කරනවා 
මං ජිවිතේ
එදා නුබට බහ 
නොදුන්නානම් 
අද නැහැනේ 
ජිවිතේ 
අත් හැර යාම ගැන 
මේ තරම් දුකක් 

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment