දුක බේදාගන්න

Leave a Comment


මැද සාලේ  මම තනියම 
සිවිලිම දෙස බලාගෙන 
මිතුරන් ඇවිත් සෙල්ෆි ගසයි 
දුක බේදාගෙන 

නෑදැ පිරිවර ඇවිදින් 
පිට පාරේම යනවලු
කැරකොප්පුව 
දුර වැඩියිලු

සුදු පාවඩ එළලා 
මං යන මාවත අතුරා
තව මොහොතින් මං යනවා

අහිතක් නෑ නුබ නාවත්
මා බලන්න 
මතක් උනොත් අද රෑවත් 
fb එකේ sad කියලා 
දුක බේදාගන්න 

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment