පෙම් කල නුබට

Leave a Comment


පළමු පෙම්වතාගේ 
වෙඩින් ෆෝටෝවක් 
අහම්බෙන් දැක්කෙමි 
ෆෙස් බුකිය තුල 

උඩරට මුල් ඇදුමට 
ඔහු හිටියා හරි හැඩට 
නුබ දුටුව විට
දැනුනේ නැ මට කිසිම දුකක් 
හැඩින් රුවින් 
මටම සමවෙන 
කෙනෙකු විය 
නුබේ බිරිද

පෙරදා මා නමින් 
නොගැලපුන 
පොරොන්දම් 
ගැලපිලා තියෙන් ඇති 
ඇය නමට 

හිතේ කිසි දුකක් නැ 
හදවතින් සුබ පතමි 
පෙර දිනක මුලු හදින් 
පෙම් කල නුබට 

අදහස dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment