අයියා

Leave a Comment

ඉස්කෝලේ යන්න 
පොත් ටික ගන්න 
බඩගින්න
නිවාගන්න 
දවසේ කුලියට 
කියක් හරි
හොයාගෙන
එන්නම් කියලා 
 
පොඩි නංගිව 
බලාගෙන
ගෙදරටම වෙලා 
ඉන්න කියලා
අම්මා ගෙදරින් 
ගියා ගියාමයි
තව ආවේ නැ 

එපා යාලුවනේ 
ඔච්චමට
හිනහෙන්න
ආයෙමත් 
ඉස්කොලේ 
එන්නවෙන 
එකක් නැ   මට 
අඩන නංගිවත් 
නළවගෙන 
අම්මාව හොයාගෙන 
යන ගමනුයි මේ  
ටිචර්ට කියලා යන්න 
නතර උනේ 

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment