මමත් නිදහස හිතේ හැටියට විදිනවා

Leave a Comment


කටු කම්බියෙන් 
වට වුනු 
මේ සිර මැදිරියෙන් 
එපිටට 
ලස්සන ලෝකයක්
තියනවා
ලන්වෙලා බලන්නට 
බැරි උනත් 
දුරින් හිදගෙන
මම ලෝකය දකිනවා
දවසක
මේ සිර මැදිරියෙන් 
නිදහස ලැබුන්නොතින්
පෙර නොදැන 
සිදුවුනු වැරදි හදාගෙන 
මමත් නිදහස 
හිතේ හැටියට විදිනවා

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment