අපි වින්දට
නිදහස් අද්යාපනය
රට මේ යන හැටියට
හෙට පරපුර එය
උරුම නැතිවෙන හැඩයි
ඉතින් අපි පාරට බැස්සා
අකමැත්තෙන්ම උනත්
පාරවල් දෙක තුනක්
අවහිර කරා තමයි
එ අපි වෙනුවෙන් නෙමෙයි
ඔහේලගෙම
ළමයින් වෙනුවෙන්
තාම ඔහේලාට
තේරුමක් නැහ
මේ වැදුනු ගල් ගෙඩි පාර
විද දරාගෙන අපි
පසු බසින්නම්
දවසක නුබලගෙ
ඇස් ඇරේවි
Dhar shi

0 comments:
Post a Comment