තනි රූල් කොළ වල
හැඩ නැති කුරුමිණි අකුරෙන්
නුබ මවපු
පෙම් කතා,
තාමත්
ඇදුම් අල්මාරියේ
තට්ටු යට හැංගිලා
බලන් ඉන්නවා
ඔච්චමට මට
හිනහීල
ඉස්සර සක්‍යා එකේ
ක්ලාස් ගෙනියපු
පොත් අතර හැංගිලා
නුබ දුන්
රතු රෝස මලක
පරවුනු මල් පෙති
ලගදි දවසක
මට හමුවුනා
හෙට අනිද්දා දවසක,
වෙනින් කෙනෙකුගේ
පතිනිය වන මට ,
කුමට රකින්නද
අප පෙම් සැමරුම්
ඉතින් එ නිසා
ඉස්සර නුබ දුන්
විසිතුරු තැගි ටික
ඔක්කෝම
ඊයේ හවසම මං
හන්දියේ පරණ බඩු
කඩයට විකුණුවා .
අදහස Dhar shi

0 comments:
Post a Comment