ගෙට් ටු ගෙදර්

Leave a Comment


ස්කුල් එකේ පරණ යාලුවෝ ටික 
fb එකෙන් සෙට් වෙලා 
"ගෙට් ටු ගෙදර්" පාටියක් 
රෙඩි කලා

සෙට් උන යාලුවෝ 
ටිකක් එක්ක 
පාටිය පැලැන් 
කරන අතරේ
නුබ ගැනත් 
 කතාවක් ඇති වුනා

නුබත් ඒවිද ?
හිත යට වැලලු 
පරණ සෙනෙහස මතු වුනා 

ටිකෙන් ටික දින ලං වුනා
නුබත් එන බව 
මිතුරන් අතරේ 
තහවුරු වුනා

ආයේමත්  නුබ 
දුටුවෝතින් රිදුනු හිත
ආපසු පැරෙන නිසා 
කාලයකට පස්සේ 
සෙට් වෙන
අපේ පාටිය 
හිතලම මම මිස්කරා

දින දෙක තුනකට පස්සේ 
පාටියේ ෆෝටෝස් දැක 
මගේ තිරණේ ගැන මං තුටු වුනා
නෙක වර්ණයෙන් දිලිසුන 
මිතුරියෝ අතරේ 
නුබේ සිනහා මුව 
හරි අපුරුවට 
දිස් වුනා 

මාත් ඇවිදින්, 
පරණ වැළලුණු 
පෙම් කතන්දර 
මතක් වුනි නම් 
නුබේ මුව තුල 
ඒ සොදුරු සිනහව 
නොඇදෙනා බව
 දැන උනිමි මං

නුබ මා අතැර ගියමුත් 
හිත් කොනේවත්
 නුබ ගැන තරහක් නැති
නුබ කොහේ සිටියත් 
නුබේ සතුට දැක 
සැනසෙන්න මට පුලුවනි 


අදහස Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment