අම්මා රස කර කවපු බත් පතේ රස
පුංචිම කාලේ
අම්මා රස කර කවපු
බත් පතේ රස
තාම මතකයි
තුනපහ මිරිස්
හොද හැටි දමා
දරුවන්ගේ තාත්තට
හදාදුන්
බත් පතේ ලුණු රස
තම මතකයි
දරුවන්ගේ අතින් හදාපු
කිරි හෝද්දක වත්
රස බලන්නට
බැරි උනා මතකයි
දැන් මේ මහලු මඩමේ
බත් පතේ
රස නොබලමි
හුස්ම ටික තියෙන තුරු
කුස පමණක් පුරවමි
Dhar shi
0 comments:
Post a Comment