දඩබ්බරයානේනි
කවද්ද නුබ එන්නේ
අවසර ගන්නට
අපේ ගෙදරින්
තව හුගක් කල්
බැහැ මට බලන් ඉන්න
අද උදේත්
අප්පච්චි ඇහුවා
ඔය පංතිය
ඉවර වෙන එකක්
නෙමෙයිද කියලා
තව ටික දවසකින්
මේ විදිහටවත්
නුබ බලන්නට එන්න
බැරි වේවි
දැන් මට
ඇති වෙලා
එන යන
මනමාළයන්ගේ ඉස්සරහා
රගන එක
ලගදිම දවසක
කුවුරුහරි
මාව කැඳගෙන ගියොත්
දොස් කියන්න නම්
එපා මට
චපල පෙම්වති කියා
Dhar shi

0 comments:
Post a Comment