එකම මග
හැඩවුනු
හැඩට කැපුනු
නිය පොතු ඇති
සුදු පාට හැඩ දෙපය
කොච්චර දුරක සිට දැක්කත්
බලනවා
හැරි හැරි
වාව් පට්ට
ලස්සනයි
කියලා කියනවා
කුනු දුවිලි තැවරුනු
තුවාල බැන්ඩෙජ් ඔතපු
කලු ගැසුනු
වාරු නැති
එකම කකුල
කිහිල් කරු දෙකෙන්
වාරු කරගෙන
එ මගම යනකොට
එකෙක්වත් නැහැ
මන් දිහා බලන්නට
Dhar shi
0 comments:
Post a Comment