සොදුරු එ දවස
දහසක් නෙතු වලට
මුවාවී
නුබ මයි ආවේ
ලෙන්ගතු
ඇසුර සොයන්
දඩබ්බර කොලු
රැනෙන් මිදිලා
මුලු ගැසිලා
පන්තියේ
කොනකටම වෙලා
මන් හිටියේ
පැහුනු වෙරලු තියනවා
සුගත් ඔයත් කනවද? කියලා
දම්මී ඔයාමයි
මට කතාකරේ
හැඩකාර නුබ දැකලා
මම ගොලු උනා තමයි
අසම්මත බව දැනගෙනත්
මම පෙම් කරා තමයි
ඹබා කෙටු හැටියට
ඉරණම විසදුනා තමයි
එත් හිත යට තාම මතකය
මන් තාමත් ආදරේයි තමයි
Dhar shi

0 comments:
Post a Comment