වාරු නැති මට
මගේ දෙපයට
අද
එයා මට
වාරුව වෙලා
සන්තකේටම ඇති
කඩමලු ටිකත්
අරගෙන
අපි යන්නට
යන්නේ
අරමුනක් නැති
ගමනක්
වෙන්න ඇති
එදා මන් එක්ක
ආපු එක ගැන
එයා අද දුක් වෙනවද
දන්නේ නැහැ
මන් නැති උන දාට
එයා තනි වෙයිද
දන්නේ නැහැ
හිසට සෙවනක් නැතත්
දෙපයේ වාරුව නැතත්
ඉස්සර ලෙන්ගතු
සෙනෙහස
තාමත් මන් ලග තියේ
Dhar shi
0 comments:
Post a Comment