කිරි අම්මා

Leave a Comment

මගේ 
ලොකු කොල්ලාගේ  
පොඩි උන් ටික
මේ නිවාඩුවට
එනවලු 
කිරි අම්මා 
බලලා යන්න
කොළඹ රටේ නැති
මේ ගස් ගෙඩි
උන් ඇහැටවත් 
දැකලා නැතුව ඇති 
උන්ට ගෙනියන් 
රසකර කන්න
එකතු කර ගත්තට 
මේ ගස් ගෙඩි
කටේවත් තියන්නට 
ඉඩ දෙන එකක් නැ  
මගේ ලොකු ලේලි

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment