සාඩම්බර විලාසයෙන්
සොළවමින් මිණිගෙජ්ජි
බලා සිටිනා සොහොයුර
ජිවිතයම මගේ තුරුනු
මස් කඩයට පෝරකයෙන්
ඇද දී මස් බොකු
ගෙවි ගියත් අද
පත් වීමක් ලැබ
මා වෙනුවට
මගේ අවසාන ගමන උරදි ගෙනවාම නුබේ කුලුදුල් රාජකාරියයි
දිනක ඔබ ගත වැහැරුනු දිනක
බැදි නවකයෙකු කරත්තයේ හඩවන විට මිණි ගෙජ්ජි
මතක්වේවි ඔබට මා
අදහස සුනිල් කහදවල

0 comments:
Post a Comment