මල් පොකුරම රුපියල් සියයි

Leave a Comment


සැමියගේ සුරතේ වෙලි 
පොඩි පුතු වඩාගෙන
නගින විට
කැළණි වෙහෙරේ
පියගැට පෙල
" මල් පොකුරම රුපියල්  සියයි "
යන හඩ ඇසුනු විට
නතර උනා දෙපා
අහම්බෙන් ඇසුනු 
ඇගේ වචන වලට

ඉස්සරම දවසක
ඔහු හා  කැළණි ආ 
මොහොතක ,
" මල් පොකුරම රුපියල්  සියයි "
මල් මිටම 
එක ලග තියලා 
වැන්දාම බුදුන්ට 
දෙන්නම මතු ආත්මයෙදිත්
එක් වෙනවාලු 
මල් විකුණන නැගනියක් 
අපි දෙන්නට 
කිවුවේ කවට කමට


දැන් මම නුබේ නොවුනත්
දුකක් නම් අද මට  නැහැ
අද නම් මම 
මල් පුදා පතන්නේ
රැක දෙන්න 
රත්තරන් මගේ මේ පවුල කියා

Dhar shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment