ගීත මැදින්
පෝරු මස්තකරුඩවී
දැගිලි ගැට ගසා
අත පැන් වක්කර
බසින විට
පෝරුවෙන්
දෙපලු වුනු
පොල් ගෙඩිය දෙස
හොරහින් බල බලා
හතර වරිගයේම
නෑයන් එක්ව
මුනිච්චාවට
සිනහාවෙලා
හොයනවා
මගුල් ගෙදර අඩුපාඩු
එ ඇත්තො
තව දන්නේ නැ
එකම අඩුවක් වත්
නොදැනෙන්න
අපේ නෑ පරපුරට
අපි රට වටෙටම ණය වෙලා
මේ මගුල කන බව
Dhar shi

0 comments:
Post a Comment