පුතේ නුබ එනතුරු
ලග එන මේ
සිංහල අවුරුදු
නිවාඩුවටවත්
කොළබ රටේ නුබ
ලොකු තනතුරක්ය
දරන්නේ
මං දන්නවා
ඉස්සර පොඩි කාලේ වගේ
අම්මා ලගට දුවන් එන්න
නෑ නුබලට
විවේකයක්
ටෙලිපොන් කරලා
හැම සතියේම
නුබ දුක සැප අහන නිසා
මං දන්නවා
මගේ පුතා
හැමදාමත් මට
ආදරේයි කියා
එත් මගේ රත්තරන් පුතේ
දැහීන් දකිනකල්
හිතට මගේ නිවනක් නැ
හුග කාලේකින්
දැක්කෙත් නැ
මේ සින්හල අවුරුදු
නිවාඩුවටවත්
ගමට වරෙන්
රත්තරන් පුතේ
Dhar shi

0 comments:
Post a Comment