එක පන්තියේ
එකටම උන්
මගේ හොදම යාලුවා මේ
කට්ටි පැනලා
රණ්ඩුකරලා
වලිදාගෙන
මගේ නම
කැතවෙන කොට
එපා කියලා
මගේ වැරදි හදලා
නොතේරුන පාඩම්
කියලා දිලා
හැම වාරේම
පන්තියේ
පළවෙනියා වුනු
මගේ හොදම යාලුවා මේ
දිස්තීක්කේම
පළමු තැනින්
ඉස්ස්සෙල්ලාම කැම්පස් ගිය
අපේ ගමේ
පළමු කෙනා මේ
උපාදිදාරි
රැකියා නැති
ලංකාවේ
තවත් එක
දුප්පත් අම්මා
කෙනෙක්ගේ පුතේ මේ
Dhar shi

0 comments:
Post a Comment