ගිහි දිවියෙන් පැවදි දිවියට
හැඩට ඇදි මගේ ගත
අද
කසාවතක හුරුවෙලා
දිගට තිබු
කැරලි කොන්ඩය
තට්ටයටම මුඩුකලා
උත්තරිතර
නිර්මල බුදුදහමේ
සරණ යමින්
ගෙවපු නිස්සාර ජිවිතය
ටිකෙන් ටික
කුසලටම යොමු කරා
හිතේ නිවනත් එක්ක
ජිවිතේ අනිත්ය
මට වැටහුනා
මතු බුදුවන
මගේ අම්මේ
නුබට පින්
දුකින් පිරුනු මේ
සංසාරේන්
ගොඩවෙන්නට
මට අවසර දුන්නාට
Dhar shi
0 comments:
Post a Comment