වෙළඳාම

Leave a Comment


හැමදාම 
සති පොළේ 
වෙළදාමේ 
ගියදාට 
පොඩි පුතා කියනවා
දෙයියන්ගේ නාමෙන් 
දැන්වත් 
ඔය මලදානේ
නවත්වන්නලු
උන්ට දැන් 
මතක නැහැ
උන් ඔය තරම් 
ඉහල තැනැකට ගියේ
උගුර 
ලේ රහ දැනන තුරු 
සති පොලේ විකුනපු 
කොස් දෙල් වලට 
පින් සිදුවෙන්නට බව

Dhar Shi
Next PostNewer Post Previous PostOlder Post Home

0 comments:

Post a Comment